27.8 C
Colombo
September 20, 2026
Local NewsNews

පාසල් නිවාඩුව තවත් දිගු කරයි..

2023 වසරේ පාසල් 03 වන වාරයේ දෙවන අදියර ලබන 05 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීම හේතුවෙනි.

2023 වසරේ 03 වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 01 වැනිදා ආරම්භ කිරීමට මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබිණි.

උසස් පෙළ කෘෂි විද්‍යාව එක සහ දෙක ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීම හේතුවෙන් නැවත පැවැත්වීමට තීරණය කෙරිණි.

ඒ අනුව උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි 01 වනදා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිත අතර එහි පළමු කොටස එදිනම පස්වරු 01.00 සිට 03.00 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා..- ඇමති වාසු

Shiran Viraj

මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ

Shiran Viraj

පාර්ලිමේන්තු ට්විටර් ගිණුමට “සයිබර් ප්‍රහාරයක්”

Shiran Viraj