28.4 C
Colombo
July 31, 2026
Local NewsNews

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.

දළදා මාළිගාවේ පෙරහැර සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් මිලියන 13 බිල් පතක් ලැබීමෙන් පසු එය ගෙවා දැමීමට සූදානම් යයි දියවඩන නිලමේ වරයා සූදානම් බව පැවසීමෙන් පසු උන්වහන්සේ මෙම චෝදනා එල්ල කළහ.

මිහින්තලා විහාරස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

“සුද්දන් රට පාලනය කරන කාලේ ගිවිසුම් ගහන කොට, එවකට සිටි අස්ගිරි මල්වතු මහා සංඝරාජ උත්තමයාණන් වහන්සේලාට දළදා හාමුදුරුවන්ගේ තේවාව පෙරහැර කරන්න සුදු ජාතිකයන් අනුග්‍රහය ලබා දුන්නා, ගිවිසුම් ගැහුවා, දැන් එම සුද්දන්ට ජාතක වෙච්ච කළු සුද්දන් මෙවර පැවැත්වෙන දළදා පෙරහැර පවත්වන්න ලක්ෂ එකසිය තිහකට වැඩි බිලක් ගෙවන්න කියලා ඉල්ලීම් කිරීම හාස්‍යයට කරුණක්.

සමස්ත රටේ ජනතාවගෙන් මහා සංඝරත්නයෙන් මම එදා පොසොන් පොහොය දවසේ ඉල්ලීමක් කළා, මේ සියලුම දෙනා එක තැනකට එකතු විය යුතුයි කියලා. එකතු නොවුනොත් දිගටම මෙහෙම යන්න සිද්ධ වෙනවා.පොසොන් උත්සවය කියන්නේ මගේ පෞද්ගලික කාරණාවක් නොවෙයි.මේවා ජාතික උරුමයන් ලෙස පුදන, පිදුම් ලබන පූජනීය පින්කම්.

අද වෙන කොට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලක්ෂ එකසිය තිහකට වැඩි බිලක්, මෙවර දළදා පෙරහර පැවැත්වීමට පෙර ගෙවා නිම කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 න් කිසිම කෙනෙකුට මෙයින් ගැළවෙන්න බැහැ. මේ සියලු දෙනා ඡන්දයෙන් තේරිලා පත්වෙලා ආපු අය, ආණ්ඩු බලය නැහැ. අපි කැබිනට් එකේ නැහැ. අපි විපක්ෂයේ කියලා කාටවත් මග අරින්න බැහැ .

එවකට සිටි මල්වතු, අස්ගිරි පාර්ශවයේ මහ සංඝරාජ උත්තමයානන් වහන්සේලා සුද්දන්ට කිව්වේ, තමුසෙලා ගිවිසුම් ගහනවා හැබැයි දළදා හාමුදුරුවන්ගේ තේවාව, පෙරහැර සඳහා තමුන්නාන්සේලාගේ අනුග්‍රහය ලබා විය යුතුයි කියලයි, එහෙමයි තමයි ඒවට එකඟ වුණේ.

එදා අනගාරික ධර්මපාලතුමා කිව්වේ සුද්දො රට දාලා යයි. එවුන්ට ජාතක වෙච්ච හැත්තක් මේ රටේ ඉන්නවා. උන්, ටයි කෝට් දාගෙන එයි එත කොට මේ රටේ පාලනය කරන්නේ කළු සුද්දෝ කියලා. ඒක වෙලා තියෙන්නෙ මේ වෙනකොට, මේ ඉන්න කිසිම එකෙකුට ආගමක් දහමක් නෑ. ජනතාව දැන්වත් තේරුම් ගත යුතුයි මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන විපත්තිය පිළිබඳව.

අද දළදා පෙරහර පවත්වන්න සල්ලි ඕන කියපු, දිය වඩන නිලමේ, බස්නායක නිලමේ ඡන්දයෙන් පත් වෙන්නේ, දැන් කියනවා මාධ්‍ය ආවරණය එපාලු. දළදා පෙරහැර සජීවීව පටිගත කිරීම්, පෙරහැර මුළු ලෝකයටම පෙන්වන්නේ මාධ්‍යයෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සැලකෙන දළදා වහන්සේ නිලමෙගෙ දේපලක් නෙවෙයි, ආණ්ඩුව සමග එක්වෙලා මාධ්‍ය මර්දනය කරන්න රුකුලක් දෙනවා.

ඔහු ගිහි භාරකරු පමණයි. මේ අය පත් වුනේ ඡන්ද හාරසිය ගානකින් නිලමෙට බලයක් නෑ එහෙම කියන්න. ඒ අය ආණ්ඩුවේ කොන්ත්‍රාත් කාරයෝ. පහුගිය කාලේ අනුරාධපුරේ කාලි මෑණියන්ගේ දේවාලයක් පස්සේ ගියපු අය.

මෙයා කියනවා මාධ්‍යයට අයිතියක් නැහැ කියලා, මාධ්‍ය නිසා තමයි මේ රට, මේ හරි රැකිලා තියෙන්නේ, දේශපාලඥයන් ආවම හොඳට පිලි ගන්නවා මල් වට්ටි දීලා. අර අහිංසක අම්මල තාත්තලා මල් වවා ගෙන ඒවා පූජා කරන්න ආවම කරඬුව ගාවට කිට්ටු වෙන්න බැහැ. පල් හොරුන්ව ගිජු ලිහිණියන්ව, පහත මාලයෙන් දළදා කරඬුව ළඟටම අරන් යනවා. මේ අයගේ වැඩ නිසා අති ගෞරවනීය මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු අනුනායක හිමිවරු දැඩි අප්‍රසාදයට ලක් වුණා.”

ADA

Related posts

චමරිලා ඉතිහාසය මකා අලුතෙන් ලියති.. එංගලන්තය ගෙදරදීම තරගාවලියකින් පරදති..

Shiran Viraj

ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…

Shiran Viraj

සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..

Shiran Viraj