29.5 C
Colombo
July 9, 2026
NewsPolitical

ජනපති ඉන්දියා යයි.. වැඩබලන්න ඇමතිවරුන් පහක් පත් කරයි…

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ රටින් පිටව යාමට නියමිතව තිබේ.

එම කාල සීමාවකට අදාලව ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ පහක වැඩ බැලීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වැඩබලන අමාත්‍යවරුන් ලෙස පත් කර ඇත.

ඒ අනුව පත් කර ඇති වැඩබලන අමාත්‍යවරුන් මෙසේය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍ය
ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය
දිලුම් අමුණුගම මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍ය
අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය

Related posts

මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..

Shiran Viraj

ලෝකය හොල්ලමින් ඇමරිකාව චීනයට 104% අලුත් බද්දක් ගහයි..

Shiran Viraj

අඩු පීඩනය නිසා වැස්ස වැඩි වෙයි

Shiran Viraj