September 19, 2026
NewsPolitical

මා කී දේ නොකල ගෝටා ගෙදර.. කරන රනිල් තවමත් ජනපති…

ආර්ථික අර්බුදයක් ඉදිරියේදී ඇතිවන බව තමා 2020 ඔක්තෝම්බර් 26 වන දින කැබිනට් මණ්ඩලයට ප්‍රකාශය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

එම අර්බූදය හමුවේ ඉන්ධන, ඖෂධ, ගල් අඟුරු, ගෑස් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඩොලර් ඉතුරු කර ගැනීමට, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීම සීමා කළ යුතු යැයි තමන් ප්‍රකාශ කළ ද එම යෝජනාව ප්‍රතික්ෂේප වූ බවද ඒ මහතා වැඩි දුරටත් පවසයි.

ගම්මන්පිල මන්ත්‍රිවරයා මේ බව සදහන් කර සිටියේ සිරස සටන වැඩ සටහන හා එක් වෙමිනි.

එමෙන්ම 2021 පෙබරවාරි මස ඉන්ධන සඳහා පිරිවැය නිරූපිත මිල ක්‍රමයක අවශ්‍යතාවය පෙන්වාදෙමින් එක් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද, 2021 ඉන්ධන සලාක ක්‍රමය යෝජනා කරමින් තවත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ද ඉදිරිපත් කළ නමුත් එම යෝජනා දෙකම එවකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විරුද්ධත්වය මත ක්‍රියාත්මක නොවූ බවද උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

එදා ප්‍රතික්ෂේප වූ තම යෝජනාවන් රටේ දැවැන්ත ආර්ථික අර්බූදයක් ඇති වී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති ධූරයද අහිමි වූ පසු එම අර්බූදයට විසඳුම් ලෙස ක්‍රියාත්මක කිරීමට අවසානයේදී සිදු වූ බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..

Shiran Viraj

බැංකු කාඩ්පත්වලට අමතර ගාස්තු අය කරන වෙළෙඳුන්ට මහ බැංකුවෙන් රතු එළියක්!

Shiran Viraj

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

Shiran Viraj