26.1 C
Colombo
September 20, 2026
Local NewsNews

උමාරාට වැඩ වරදී.. ‘මහතා’ට විරුද්දව නීතිය

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීමේ උත්සවයේ දී ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනයේදී එයට වෙනසක් එක් කල අතර ඊට සමාජ ජාලවල දැඩි විරෝධතාව එල්ල වෙමින් තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික ගීය රැප් හෝ නැවත මිශ්‍ර කර ගායනා කිරීමට නොහැකි බවයි.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඊට අදාළ පාර්ශවයන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ජාතික ගීය ගායනා කිරීම සම්මත ක්‍රමයක් ඇති බවත් මෙම ප්‍රවණතා වන්ට ඉඩ දුනහොත් ඉදිරියේදී ජාතික ගීය නිරුවතින් ගායනා කළ ද තමන් පුදුම නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

ඊශ‍්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්..- ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී කියලා…

Shiran Viraj

හිටපු මන්ත්‍රීවරයෙක් දළදා මාලිගාවට ගහන්න බෝම්බ හැදුවා.. ඒ බෝම්බය පිපිරිලා ඔහුගේ අතේ ඇඟිලි හතරක් නැති උනා…

Shiran Viraj

දිපාවලියෙන් පසු වතුකරයේ කොරෝනා ඉහලට..

Shiran Viraj