27 C
Colombo
July 27, 2025
NewsSportsSports News

සිංහ පැටවු අදත් පරාදයි.. ශූරයන්ගේ කුසලානයෙනුත් ඉවතට..

ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුදු දුන් අවසන් තරගය අද පරාජයට පත්විය.

ඒ නවසීලන්ත කණ්ඩායම හමුවේ කඩුලු 05 කිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි යළි අසාර්ථක වෙමින් පන්දුවාර 46.4කදී ලකුණු 171කට සියලු දෙනා දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23.2කදී කඩුලු 05ක් දැවී එම ඉලක්කය පසුකර තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේය.

ඒ අනුව නවසීලන්තය අවසන් පූර්ව වටයට යාමට වැඩි අවස්ථාවක සිටින අතර පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ඉදිරියේදී මුහුණ දෙන තරඟවල ප්‍රතිඵලද ඒ සඳහා බලපායි.

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන්ද ඉවතට විසි වී යයි.

Related posts

පූර්ණ ‘13’ සංශෝධනයත් මදි… ස්වයං තීරණ අයිතිය ඔ්නෑ..

Shiran Viraj

“113 සම්පූර්ණයි” සම්පූර්ණයි..එය රිගින් ටෝන් එකට වුවත් දමා ගන්නැයි ජනපති කියයි.. 2018-11-08 04:25:00 ★ 1864

Shiran Viraj

S&P ශ‍්‍රී ලංකාව ‘පෙර බංකොලොත්’ තත්වයට දමයි.. මාසයකින් බංකොලොත් බවත් කියයි..

Shiran Viraj