27.8 C
Colombo
July 11, 2026
NewsSportsSports News

සිංහ පැටවු අදත් පරාදයි.. ශූරයන්ගේ කුසලානයෙනුත් ඉවතට..

ඉන්දියාවේ දී පැවැත්වෙන 2023 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුදු දුන් අවසන් තරගය අද පරාජයට පත්විය.

ඒ නවසීලන්ත කණ්ඩායම හමුවේ කඩුලු 05 කිනි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපුරුදු පරිදි යළි අසාර්ථක වෙමින් පන්දුවාර 46.4කදී ලකුණු 171කට සියලු දෙනා දැවී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 23.2කදී කඩුලු 05ක් දැවී එම ඉලක්කය පසුකර තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේය.

ඒ අනුව නවසීලන්තය අවසන් පූර්ව වටයට යාමට වැඩි අවස්ථාවක සිටින අතර පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ඉදිරියේදී මුහුණ දෙන තරඟවල ප්‍රතිඵලද ඒ සඳහා බලපායි.

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වසරේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන්ද ඉවතට විසි වී යයි.

Related posts

ශ‍්‍රී ලංකාවට සියළු අවස්ථාවන් අහිමි වේ.. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තරග දෙක ජයගනී..

Shiran Viraj

පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj

හොදට ගහලා.. හොදට රැකලා.. හොදට බෝල් කලාම අපි දිනනවා..- කලමණාකාරු

Shiran Viraj