28.4 C
Colombo
June 9, 2025
Local News News

නොරොච්චෝල හා කැලණිතිස්ස එකවර නවතී..

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් හදිසි බිඳ වැටීමකට ලක්ව තිබේ.

එහෙම යන්ත්‍රයේ අධි පීඩන හීටර් පද්ධතියේ ඇති වූ දෝෂයක් මතයි.

මෙම යන්ත‍්‍රය අක්‍රීය වීමත් සමග ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක පමණ ධාරිතාවක් අහිමි වෙයි.

මේ අතර 165 ක ධාරිතාවකින් යුත් කැළණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරය ද නඩත්තු කටයුතු සඳහා අද දින සිට වසා දමා තිබේ. එහි නඩත්තු කටයුතු සඳහා සති හයක කාලයක් ගතවනු ඇතැයි ද මණ්ඩලය සඳහන් කරයි.

කෙසේ වෙතත් ජල විදුලි බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන නිසා මේ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවන බව ද විදුලිබල මණ්ඩලය කියා සිටී.

Related posts

මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්

Shiran Viraj

50ට වැඩි අය අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කර ගන්නැයි දන්වයි..

Shiran Viraj

සජිත් හාන්සියි.. SJB මන්ත‍්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි.. ඊයේ රාත‍්‍රි සාකච්චා සාර්ථකයි..

Shiran Viraj