29.5 C
Colombo
July 6, 2026
BusinessBusiness NewsNews

හෙක්ටයාරයකින් කෝටි හතරක්..

දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය අනුමැතිය ලබා දුන්නේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීමටත්, කඩිනමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් අනුමැතිය ලබා දී තිබේ.

ස්ට්‍රොබෙරි සඳහා ලෝක වෙළඳපළ තුළ ඉහළ ඉල්ලුමක් ඇතත් තවමත් නවීන තාක්ෂණය යොදා ගනිමින් වගා නොකිරීම නිසා අපේ රටේ වගා කෙරෙන ස්ට්‍රෝබෙරි සඳහා පවතින්නේ අවම ඉල්ලුමකි. ස්ට්‍රෝබෙරි අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ 57වන ස්ථානයයි. වාර්ෂිකව සීඝ්‍රෙයන් ඉහළ යන වෙළෙඳපලක් ස්ට්‍රොබෙරි සතුවන අතර මෘදු පලතුරක් වශයෙන් ස්ට්‍රොබෙරි අතිශය ජනප්‍රිය පලතුරකි.

මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළියේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම්වලින් හෙක්ටෙයාර් එකක් පළමු අදියර යටතේ නියාමන ව්‍යාපෘතියක් වශයෙන් ලබා දීමට එකඟත්වය පළ කර තිබේ. ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉන්පසු අවශ්‍ය වුවහොත් හෙක්ටෙයාර් 10ක් දක්වා ස්ට්‍රොබෙරි වගාව සඳහා ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

නව තාක්ෂණය යොදා ගැනීම මගින් ස්ට්‍රොබෙරි වගා කළහොත් වසරකට හෙක්ටෙයාර් එකකින් ඇමරිකන් ඩොලර් 117,600 ආදායමක් උපයා ගැනිමට හැකි වේ. එමෙන්ම හෙක්ටයාර් එකකින් කිලෝ 120,000ක අස්වැන්නක් ලබා ගැනීමට ද හැකියාව තිබේ. එමෙන්ම හෙක්ටයාර් එකක් වගා කිරීම සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 250කි.

– Media unit

Related posts

ඩීසල් පෙට්‍රල් පාවිච්චි කරන්නේ ජනතවගෙන් ඉතාම සුළු පිරිසක්…

Shiran Viraj

කළාවැව වාන් දමයි: පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

හෙක්ටයාරයකට ටොන් එකයි.. කාබනික පොහොර මධ්‍යස්ථානය බලන්න ජනපති යයි…

Shiran Viraj