July 13, 2026
BusinessBusiness NewsNews

සමාගම් 35කට ග්‍රීන් චැනල්…

මෙරට අපනයන ආදායම ඉහල නංවමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවී සිටින සමාගම්වල සේවය අගයමින් අපනයන ක්‍රියාවලිය පහසු හා කඩිනම් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පියවර ගෙන ඇත.

අදාල නිර්ණායකයන් සැපිරූ සමාගම් සදහා රේගු නිෂ්කාෂණ කටයුතු පහසු කිරීම හා භෞතික භාණ්ඩ සත්‍යාපනයෙන් නිදහස් කිරීම ප්‍රමුඛත්වය ලබාදීම පෙරදැරිව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හදුන්වාදුන් ග්‍රීන් චැනල් සේවාව සදහා තවත් සමාගම් 35ක් සුදුසුකම් ලබයි. මෙම සමාගම් සදහා “ග්‍රීන් චැනල්” තත්ත්ව සහතික පත් ප්‍රධානය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2008 වසරේ සිට ක්‍රියාත්මක කරන “ග්‍රීන් චැනල්” තත්ත්ව සහතිකය යටතේ සමාගම් 124ක් මේ සදහා සුදුසුකම් සපුරා ඇත. මෙවර “ග්‍රීන් චැනල්” තත්ත්ව සහතිකය ලබා ගැනීම සදහා සමාගම් 126ක් අයදුම් කළ අතර සමාගම් 35ක් සුදුසුකම් සපුරන්නට සමත් විය.

“ග්‍රීන් චැනල්” තත්ත්ව සහතිකය ලබා දීමේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අදාල සියළුම දෙපාර්තමේන්තු ඉදිරිපත් කරන නිර්ණායකයන් සදහා අපේක්ෂිත සමාගම් අනුගමනය කළ යුතු හා අනුගත විය යුතුය. එසේම කාර්යය සාධන තත්ත්වය ද සෑම ආයතනයක්ම සපුරාලිය යුතුය. මෙම ක්‍රමවේදයන් ඉහල තත්ත්වයෙන් සපුරා ඇති සමාගම් සදහා ශ්‍රී ලංකා රේගුවේ එකඟත්වය ඇතිව “ග්‍රීන් චැනල්” තත්ත්ව සහතිකය පිරිනමයි. “ග්‍රීන් චැනල්” තත්ත්ව සහතිකය හිමි ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක සමාගම් සදහා ජාත්‍යන්තර තත්ත්වයේ උසස් සේවා සපයන පරමාදර්ශී මෙහෙයුම් සමාගම් ලෙස ජාත්‍යන්තර පිළිගෑනීමද මේ වන විට ලැබී ඇත.

මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය “ග්‍රීන් චැනල්” තත්ත්ව සහතිකය ලත් සමාගම් මේ වනවිට ඔවුන්ගේ ආනයන අපනයන ක්‍රියාවලිය කඩිනමින් හා පහසුවෙන් සිදු කරයි. මේ හේතුවෙන් සිය ගැනුම්කරුවන් සදහා ඇණවුම් නිසි වේලාවට සපයා දීමේන් ඉහල විශ්වාසය ගොඩනගා ගැනීමට ඔවුන් සමත්ව සිටී. එසේම අඩු ශ්‍රමයක් මෙන්ම සීමිත කාල රාමුවක් තුල සමාගම් වලට තම කාර්යන් විශ්වාසයෙන් සපුරා ගැනීමට “ග්‍රීන් චැනල්” උපකාරි වේ.

ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය අපගේ ආයෝජක ප්‍රජාවට ලබාදෙන සහයෝගය අඛණ්ඩව ඉහළ නැංවීමට කැපවී සිටී. “ග්‍රීන් චැනල්” සේවාවට අමතරව, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින සමාගම් සඳහා ඩිජිටල් වේදිකාවක් ද ක්‍රියාත්මක කර ඇත. කඩදාසි රහිත පරිසරයක බාධාවකින් තොරව ලේඛන හුවමාරු වන නව යුගයක මුලපිරීම ද මේ වන විට ආරම්භ කර ඇත. තීරුබදු රහිත අනුමත කිරීමේ ක්‍රියාවලිය කාර්යක්‍ෂමතාව තවදුරටත් ඉහළ නංවමින් විධිමත් කර අන්තර්ජාලයට ගෙන ගොස් ඇතැයි වීරකෝන් මහත්මිය පැවසුවාය.

මෙහිදී රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සුදත්ත සිල්වා, ශ්‍රී ලංකා ෂිප්පර් කවුන්සිලයේ සභාපති ෂේන් වැන් ඩොර්ට් ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ වරුන් වන ටී. විනෝප,එම්.පී.සරත්චන්ද්‍ර යන මහත්වරුද අදහස් දැක්වූහ.

– Media unit

Related posts

වෙසක් පෝදා ඤනසාර හිමි නිදහස් කරන්නැයි ලොකු තැනකින් කියයි..

Shiran Viraj

TNA සහය අගමැති මහින්දට හිමිවුනොත් එය හොද ගනුදෙනුවක් වේවි – සුබ්‍රමනියන් ස්වාමි කියයි

Shiran Viraj

පාසල් සිසුවියක් පැහැරගත් මෝස්තර නිරූපන ශිල්පියා පොලීසියට දුන් අපූරු පිළිතුර .!

Shiran Viraj