26.1 C
Colombo
September 11, 2025
NewsSportsSports News

ක‍්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හරිනවා..- ක‍්‍රිඩා ඇමති

ක්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ක්‍රිකට් තේරීම් කමිටුව සදහා අලුත් සාමාජිකයන් පත්කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ගත් තීරණය තමන් කිසිසේත්ම අවලංගු නොකරන බවද හෙතෙම සඳහන් කළේය.

නමුත් ජනාධිපතිට අවශ්‍ය නම් තමන්ව ඉවත් කර වෙනත් අමාත්‍යවරයෙක් පත් කර ඒ සඳහා කටයුතු කිරීමට පූර්ණ බලතල ඇති බවද තමන් එම නීතියට යටත් බව ද හෙතෙම තවදුරටත් කියා සිටියි.

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

අමිත් වීරසිංහගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක කතාවක් .!

Shiran Viraj

ළමා රෝහලේ සැත්කමෙන් මියගිය දරුවා සිංහල වී වෛද්‍යවරයා මුස්ලිම් නම් ජාතිවාදීන් රට ගිනි තියාලා…

Shiran Viraj

ගොවි තාත්තා ම‍ගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනී

Shiran Viraj