28.9 C
Colombo
August 20, 2026
NewsPolitical

වරාය චාරිකාව ගැන මං සතුටින්.. බලාපොරොත්තු හොඳටම ඉෂ්‍ට වුනා..

මන්ත්‍රීවරු පිරිසක් වරාය අධීක්‍ෂණ චාරිකාවක නිරත වූයේ එහි සංවර්ධන කටයුතු හා සීමාවන් දැනගැනීමට බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

කටුනායක හා මත්ත ගුවන්තොටුපොල, කොළඹ වරාය, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමල වරාය ආදි ස්ථානයන්හි නිරීක්ෂණ චාරිකා සිදු කිරීමට අවස්ථාව සලසා දෙන දෙසා අයවැය විවාදය අතරතුරදී කළ ඉල්ලීමක් අනුව මෙම සංචාරය සූදානම් වූ බවද හෙතෙම පැවසීය.

මෙම චාරිකාව සඳහා ආණ්ඩු පක්ෂය පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර තිබූ බවත් ඔහු සඳහන් කළේය.

නැවක් ලෙස පැවසූවද සත්‍ය වශයෙන්ම එය නැවක් නොවන බවත් එය වැලිගොඩ දැමීමට භාවිතා කරන යන්ත්‍රයක් බවද පැවසූ ඔහු කෙසේ වෙතත් මෙම චාරිකාවේදී තම බලාපොරොත්තු හොඳටම ඉෂ්ට වූ බවත් වරාය ගැන හොඳ අධ්‍යනයක් ලැබුනු බවත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළට

Shiran Viraj

බල්ලෙකු නිසා සහෝදරයා බෙල්ල කපා මරා දමයි…

Shiran Viraj

ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයි

Shiran Viraj