30 C
Colombo
September 19, 2026
Local NewsNews

දුමින්දට අසනීපයි.. රෝහල්ගත කරයි..

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මේ වන විට කොළඹ ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.

වෛද්‍ය නිර්දේශ මත කාලයක සිට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශ ලැබෙන්නේ නම් ඔහු රෝහලෙන් බන්ධනාගාරයට යලි රැගෙන යන බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව නීති විරෝධී බව පවසමින් අදාල මරණ දඬුවම යලි ක‍්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කලේය.

Related posts

ජනාධිපති-ආණ්ඩුව කිසි වැඩක් නෑ කියා ජනතාව බනිනවා..- රෝහිත රාජපක්‍ෂ

Shiran Viraj

ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි

Shiran Viraj

මගේ වගකීම තාත්තා නවත්තපු තැනින් ඉදිරියට සංවර්ධනය කිරීමයි..

Shiran Viraj