26.1 C
Colombo
September 18, 2026
NewsPolitical

මාලිමාව රට හදන වැඩපිලිවෙලක් තවම හැදුවේ නෑ.. පස්සෙ හදනවා..- හරිනි

ජාතික ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු බව එම පක්ෂයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඉන් පසුව ඒ පිළිබඳව වාද විවාද කළ හැකි බවද ඇය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය කෑගල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

‘අපි හිතනවා ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක වෙන රටක් හදන්න නම්, දේශපාලන වෙනසක් අවශ්‍යයි. ඒ දේශපාලන වෙනස වෙනුවෙන් තමයි මේ සියලු‍ දෙනාම පෙළගැසෙමින් යන්නේ. ඒ දේශපාලන වෙනසට තමයි මහජන නියෝජිතයනුත්, පුරවැසියනුත් අතර අලු‍ත් සමාජ සම්මුතියක් සඳහා මේ සාකච්ඡාව ගෙනියන්නේ. මේ සියලු‍ දෙනාම එකතු කරන්නේ. ඒ අලු‍ත් සමාජ සම්මුතිය අනුව තමයි අපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ’

Related posts

මම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපති

Shiran Viraj

ඉන්දීය ධීවරයින් 345 ක් අත්අඩංගුවට…

Shiran Viraj

අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද?

Shiran Viraj