29.6 C
Colombo
May 21, 2026
Local NewsNews

සේවකයන් අඛණ්ඩ විරෝධයේ.. සරසවිවලට සිසුන් බදවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යයි..

විශ්ව විද්‍යා පද්ධතියේ අනධ්‍යන සේවකයන් ආරම්භ කර වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල වලට අලුතින් සිසුන් බඳවා ගැනීමේ කටයුතු වලට දැඩි බාධා මතුව ඇතිබව විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා පැවසීය.

විශ්ව විද්‍යාල වලට සිසුන් බදවාගැනීමේ අයදුම්පත්‍රිකාව ඇතුලත් උපදෙස් පත්‍රිකා පොත මේ දක්වා නිකුත් කර නොමැත.

ඒ හේතුවෙන් නවක සිසුන් බදවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යනු ඇතිබව පැවසීය.

මේවන විට විශ්ව විද්‍යාල වල විභාග කටයුතු ද දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇතිබව වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්විය.

වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන් ආරම්භ කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 15ක් ගතවෙයි.

මේ හේතුවෙන් විශ්ව විද්‍යාල වල අත්‍යාවශ්‍ය පහසුකම් වන ජල,විදුලිය සහ අන්තර් ජාල පහසුකම් ද මේ වනවිට බිදවැටෙමින් ඇතිබව වෘත්තීය සමිති පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ක්‍රිකට් තරුවක් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියි

Shiran Viraj

ඉන්දියාවේ චීන ආයෝජන පහලට

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවීම ගැන කතානායකගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj