April 2, 2026
International NewsNews

ඉන්දියාවේ විශාල ප‍්‍රහාරයකට ලාංකික ISIS ත‍්‍රස්තයන් හතරක් ඉන්දියාවට..

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම සිවුදෙනා ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි නගරය හරහා අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇති බවත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා අයිඑස් සංවිධානයට සම්බන්ධකම් තිබෙන බවට ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකයට තොරතුරු ලැබී ඇති බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.

අත්අඩංගුවට ගැනුණ ලාංකිකයන් ප්‍රශ්න කිරීමට රැගෙන ගොස් ඇතත් ඒ කුමන ස්ථානයකටදැයි අනාවරණය වී නැති බව කියයි.

අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අයිපීඑල් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් තුනක් පැමිණීමට නියමිතව තිබූ බවත් ඒ හේතු‍වෙන් ගුවන් තොටුපොළට ආරක්ෂාව තර කර තිබූ බවත් ඉන්දීය මාධ්‍ය ‍හෙළි කළේය.

මෙම සැකකරුවන් අවි ප්‍රහාරයකට සූදානම් සි‍ටියත් ඒ කුමක් සදහාදැයි අනිවරණය නොවූ බවත් පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය සදහන් කර තිබිණි.

– Lankadeepa

Related posts

මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?

Shiran Viraj

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

Shiran Viraj

අර්බුදයට මුහුණ දීම සඳහා රාජ්‍ය සේවයේ කෙටිකාලීන හා දීර්ඝකාලීන ප්‍රතිපත්ති රැසක්…

Shiran Viraj