28.6 C
Colombo
May 19, 2026
Local NewsNews

ලංකාව චීනයේ ලොකුම තුන්වැනි ණයකරු වෙයි.. අවසන් වසරේ ණය ඩොලර් බිලියන 17යි..

අවුරුද්දක් ඇතුලත රටේ ණය බර ඩොලර් බිලියන 17කින් වැඩි කරලාල දැන් රට ගොඩදාලා කියලා ආණ්ඩුව කියන කතා හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

“රට ආර්ථික වශයෙන් බංකොලොත් කියපු වෙලාවේ රටේ දේශීය සහ විදේශීය ණය ඩොලර් බිලියන 83යි.

2023 මාර්තු 20 ඉඳලා මේ ගත වුන අවුරුද්දක පමණ කාලයක් වෙද්දී රටේ ණය බර ⁣ඩොලර් බිලියන 100.184 යි.

ඩොලර් බිලියන 83 ඉඳලා ඩොලර් බිලියන 100 දක්වා ඩො.බි. 17 ක පමණ පිරිවැයක් දරලා තමයි අද මේ ආණ්ඩුව තෙල් පෝලිම් නෑ, ගෑස් පෝලිම් නෑ ආර්ථිකය ගොඩදැම්මා කියන්නේ.

ලෝකයේ රටවල් චීනයට ඇති ණය බරිතතාවය අනුව පළමු ස්ථානය සිටින්නේ පාකිස්තානය. ඒ ඩොලර් බිලියන 26.6ක්. දෙවනියට ඉන්නේ ඇන්ගෝලාව. ඒ ඩෙලර් බිලියන 21ක්. තුන්වැනි ස්ථානයේ ඉන්නේ ශ්‍රී ලංකාව. අපේ රට චීනයට ණයයි ඩොලර් බිලියන 8.9 ක්.

ඒ නිසා දැන් අපේ රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවලා කියලා දැන් රට ගොඩගිහින් තියෙන්නේ කියලා ආණ්ඩුවේ අය කියන කතා මම කියනවා කොණ්ඩේ බැඳපු චීන්නුන්ට කියන්න කියලා.

රටේ ණය බර පමණක් වැඩි උනාට රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් රජය කිසිඳු වැඩපිළිවෙලක් ආරම්භ කරලා නැහැ.”

– Repoter

Related posts

රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

Shiran Viraj

අකමැත්තෙන් වුවත් භාණ්ඩ හිඟයකට මුහුණදීමට වෙනවා.. ඩොලර් නෑ..

Shiran Viraj

තීරණය කළ යුත්තේ ජනතාවයි – හිටපු ජනපතිනිය

Shiran Viraj