27.8 C
Colombo
June 11, 2026
Local NewsNews

අධිකරණයේ බෝම්බයක් බොරු ඇමතුමට අයෙක් අත්අඩංගුවට.. ඔහුට දුරකතනයක් නෑ..

මහනුවර අධිකරණ සංකිර්ණය තුල බොම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් දුරකථන අංකයේ හිමිකරු (02) දින දහවල් ගිනිගත්හේන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.

මහනුවර පොලිසිය විසින් ගිනිගත්හේන පොලිසිය වෙත ලබාදුන් තොරතුරු මත ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේ පදිංචි අවු 53 වයසැති සිම්කාඩ්පතේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහු සන්තකයේ දුරකථනයක් නොතිබුණු බවත්, තම දුරකථනය (01) දින දහවල් අස්ථානගත වු බව සැකකරු විසින් පොලිසියට පවසා සිටි බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

සැකකරු පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු වශයෙන් සේවය කර ඇති බවත්, සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරන බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

– රංජිත් රාජපක්ෂ

Related posts

පාර්ලිමේන්තුව රැස්වේ-අදත් මහජනයාට ගැලරිය තහනම්

Shiran Viraj

සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම සාධන මට්ටම මෙවර දකුණු පළාතෙන්

Shiran Viraj

පෙට‍්‍රල්, ඩීසල් ලීටරය 420 පන්නා ඉහලට…?

Shiran Viraj