33.4 C
Colombo
April 10, 2026
Uncategorized

හූති කැරලිකරුවන් ඉන්ධන නෞකාවක් පුපුරුවයි.. ලෝකයේ ඉන්ධන හා භාණ්ඩ මිල ඉහලට..

හූති කැරලිකරුවන් විසින් ග‍්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාවක් රතු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී පුපුරුවා හැර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ වන විට එහි ඉන්ධන බැරල් මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ බවයි.

කැරලිකරුවන් විසින් එම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයට ඉවත්වීම සඳහා කාලය ලබාදී අනතුරුව නෞකාවට පුපුරන ද්‍රව්‍ය අටවා පුපුරා හැර තිබේ.

කැරලිකරුවන් ඊශ්‍රායලයටද අනතුරු ඇඟවීමක් කර ඇත්තේ නුදුරේදීම ඊශ්‍රායලයට එරෙහිව සන්නද්ධ මෙහෙයුමක් දියත් කරන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හූති කරලිකරුවන්ගේ මෙම ප්‍රහාරය ලෝකයේ ඉන්ධන මිල සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් ඇති කරන බවය.

රතු මුහුද හරහා ඉන්ධන ප්‍රවාහනය යම් හෙයකින් ඇන හිටියොත් එය ලෝකයේ ඉන්ධන මිල මෙන්ම භාණ්ඩ මිලද විශාල වශයෙන් ඉහළ යාමට තුඩුදෙන ප්‍රධාන කාරණාවක් වනු ඇති බවද වාර්තා සදහන් කරයි.

Related posts

ආර්ථිකය හදන්න මොල 16ක් කැදවයි..

Shiran Viraj

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු..

Shiran Viraj

රෝහල් සේවයට යුද හමුදාව කැදවයි…

Shiran Viraj