July 17, 2026
Uncategorized

යුරෝපා සංගමය රට පුරා ජනාධිපතිවරණ නිරීක්ෂන අරඹයි…

2024 ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම 13ක් දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කිරීමේ අරමුණින් කොළඹ නගරයෙන් විසිර ගිය බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ සඳහා නිරීක්ෂකයින් 26 දෙනෙකු එක්ව සිටියි.

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩලයේ ප්‍රධානියා ලෙස යුරෝපා පාර්ලිමේන්තු මංත්‍රී නාචෝ සැන්ජින් ආමුර් මහතා කටයුතු කරයි.

මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ මෙම කණ්ඩායම් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ,පක්ෂ නියෝජිතයන් ,මාධ්‍යවේදීන් ඇතුළු පාර්ශව හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහය වීම ,මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය වැඩිකිරීම,මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම හා ශක්තිමත් කිරීම යුරෝපා සංගමයේ දූත මණ්ඩලයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

– Reporter

Related posts

ඊළග ජනපති තෝරන තැපැල් ඡන්ද පත‍්‍රිකා කාර්යාලයට එයි…

Shiran Viraj

එංගලන්තයට පැරදී ඕස්ට්‍රේලියාව එලියට දමා ලංකාව ගෙදර එයි..

Shiran Viraj

අංගොඩ හන්දියේ මහ ගින්නක්..

Shiran Viraj