31.1 C
Colombo
June 9, 2025
Local News News

ජනාධිපතිවරණයෙන් පසු තනතුරු දැන්ම වෙන් කර ගනිති.. බෙදාගන්න පොරකති…

ජනාධිපතිවරණය ආසන්නයටම පැමිණ තිබියදී මධ්‍යම පළාතේ උසස් තනතුරු ලබාගැනීම සඳහා තිරය පිටුපස ප්‍රබල දේශපාලන සටනක් හටගෙන තිබේ.

එයින් ප්‍රධාන සටන හටගෙන ඇත්තේ පළාත් ආණ්ඩුකාර ධුරය සම්බන්ධවයි.

කලකට පෙර පළාතේ ප්‍රධානම පූජ්‍යස්ථානයක ප්‍රධානම තනතුර ඉසිලූ දේශපාලන පවුලක හිටපු නිලමේවරයකු සමගි ජන බලවේගය ජයග්‍රහණය කළහොත් පළාත් ආණ්ඩුකාර ධුරය ලබාගැනීමට සටනක් දියත් කර තිබේ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජයග්‍රහණය කළහොත් මහනුවර පැරණි දේශපාලන පවුලක හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුගේ පුත්‍රයකු හා හිටපු නගරාධිපතිවරයකු ද වන තැනැත්තකු ආණ්ඩුකාර ධුරය අපේක්ෂා කරන බව සඳහන් වෙයි.

මෙයට අමතරව සමගි ජන බලවේගය ජයග්‍රහණය කළහොත් ආණ්ඩුවේ අගමැති ධුරය මධ්‍යම පළාතේ ප්‍රබල ස.ජ.බ ප්‍රධානියකුට ලබාගැනීම පිණිස ද තිරය පිටුපස සටනක් ආරම්භ වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

– deshaya

Related posts

මෝටර් රථයකින් ආ හතරක් හිමිනමකට වෙඩි තබයි..

Shiran Viraj

ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..

Shiran Viraj

මම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපති

Shiran Viraj