26.1 C
Colombo
September 17, 2026
NewsPolitical

රට ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් මුදවා ගැනීමට රනිල් ජනපති කල යුතුයි…

ඇතැම් දේශපාලන නායකයන් බලය ලබාගැනීමේ අරමුණින් රටතුළ ජාතිවාදය හා ආගම්වාදය ව්‍යාප්ත කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ රට අරාජිකත්වයෙන් මුදවා ගැනීමට මෙන්ම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් මුදවා ගැනීමට නම් මෙවර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවිය යුතු බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ආගම්වාදය හා ජාතිවාදය ප්‍රතික්ෂේප කළ නායකයකු බව කී අමාත්‍යවරයා එබැවින් ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවන වේදිකාවේ සිංහල,දෙමළ හා මුස්ලිම් සියලුම දෙනා අත්වැල් බැඳගෙන සිටින බවද සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික් මුස්ලිම් එකමුතුව විසින් මිනුවන්ගොඩ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය,

“රට ගැන හා රටේ අනාගතය ගැන හිතලා අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවිය යුතුයි. ගම්පහ දිස්ත්‍රික්කයේන් කවදාවත් මුස්ලිම් ජාතිකයෙක්   පාර්ලිමේන්තුවට ගියේ නෑ. ඒකට දැන් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා.

ගම්පහ අපේ ජනාධිපතිවරණ වේදිකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, නිල් රතු කොළ හැමදෙනාම ඉන්නවා. මේ එකතුව සිදුවුණේ රට අරාජිකත්වයෙන් මුදාගන්නයි. ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් රට මුදාගන්නයි.  මේ භේදය ඇති කළේ නැත්නම් සමහර නායකයන්ට බලයට එන්න බෑ.

රනිල් වික්‍රමසිංහ කියන්නේ ජාතිවාදය,ආගම්වාදය නැතිකළ නායකයෙක්. ඒ නිසා සිංහල මුස්ලිම් දෙමළ හැම දෙනාම එතුමගේ වේදිකාවේ ඉන්නවා.

අද අපිට අලුත් දේශපාලන වේදිකාවක් හැදිලා තියෙනවා.  අනුර කුමාර  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කළ කතා අහගෙන මුස්ලිම් ජනතාව කොහොමද අනුරට ඡන්දය දෙන්නේ. ඒනිසා අවස්ථාවාදී දේශපාලනය පිළිකුල් කරන්න මේ ජනාධිපතිවරණයේදී අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා.”

– Media unit

Related posts

ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත අරඹයි…

Shiran Viraj

අපි දැන් එදා වියදම් පියවන්න ණය ගන්න රටක්.. මීට හේතුව කොරෝනා නොවේ..

Shiran Viraj

සිංහලයන් ගොන් තඩියන්.. ඒක හරියටම හරි…- මෛත‍්‍රී

Shiran Viraj