26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට රජය පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද දායකයෙකු ජනාධිපතිවරණයේදි කිසිදු අපෙක්ෂකයෙකුට ජන්දය භාවිතා කිරිමෙන් වැලකි සිටින බව මත්පැන් අලෙවිසැල විවෘත කිරිමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් පිරිසක් පැවසිය.

වටවල කුයිල්වත්ත ප්‍රදේශයට අලුතින් මත්පැන් අලෙවිසැලක් විවෘත කිරිමට රජය මගින් නව මත්පැන් බලපත්‍රයක් ලබාදිමට එරෙහිව වතු කම්කරුවන්, ප්‍රදේශවාසින් සහ පාසල් ළමුන් පිරිසක් පසුගිය දින කිහිපය පුරාම එම මත්පැන් අලෙවිසැල විවෘත කිරිමට නියමිත ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත විය.

උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් කියා සිටියේ තමුන්ට රජයෙන් වැඩිකල රු 1700 වැටුප මෙතෙක් ලබාදිමට රජය කටයුතු නොකර සිටියදි, දැනට දෛනිකව ලබා ගන්නා රු 1000 වැටුපෙන් ජිවත් විමට පවා නොහැකිව තිබියදි අලුතින් මත්පැන් අලෙවිසැලක් විවෘත කලහොත් තමන් තවත් ආර්ථික වශයෙන් පහතට වැටෙන බවයි.

තවද වටවල සිට හැටන් දක්වා කිලෝමිටර් පහක් තුල මත්පැන් අලෙවිසැල් හතරක් ඇති බවත්, වතුකරයට මෙපමණ මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමෙන් රජය අපෙක්ෂා කරන්නේ වතු කම්කරු ආර්ථික වශයෙන් තවදුරටත් පහල දැමිමට බවයි උද්ඝෝෂකයන් කියා සිටියේ.

උද්ඝෝෂකයන් හමුවට පැමිණි දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට සැලසුම් කර ඇති මත්පැන් අලෙවිසැලට මහජන විරෝධයක් මතු වි ඇති නිසා එම මත්පැන් අලෙවිසැලට ලබා දි ඇති බලපත්‍රය අවලංගු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දි ඇති බවයි.

මන්ත්‍රිවරයාගේ එම ප්‍රකාශයෙන් පසු උද්ඝෝෂණයේ නිරත වි සිටි පිරිස  අවධාරණය කර සිටියේ මත්පැන් අලෙවිසැල විවෘත කලහොත් 2024 ජනාධිපතිවරණයේදි වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද දායකයෙකු ජන්දය ප්‍රකාශ කිරිමෙන් වැලකි සිටින බවයි.

– Reporter

Related posts

චීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහී.. චීනය කෝප වී දැඩි ප‍්‍රකාශයක්.. තවත් ලෝක යුද්දයක් අත උඩ..

Shiran Viraj

අපි දැන් එදා වියදම් පියවන්න ණය ගන්න රටක්.. මීට හේතුව කොරෝනා නොවේ..

Shiran Viraj

ඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..

Shiran Viraj