26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

විදුලි ගාස්තු 1/3කින් අඩු කරනවා.. සුලං විදුලිය ගිගාවොට් 40 හදනවා..

ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පසු විදුලි ගාස්තු වසර එකහමාරක් තුළ තුනෙන් එකකින් අඩු කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

එම පක්ෂයේ ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් හෙතෙම මෙසේ පැවසුවේය.

‘අවුරුදු එකහමාරක්, දෙකක් වැනි කාලයක් ඇතුළත විදුලි බිල 1/3කින් අඩු කරන්න පුළුවන්. අනාගතයේ 85%ක් පමණ බලය උපදවන්නේ පුනර්ජනනීය බලශක්තියෙන්.

මන්නරාම් ද්‍රෝණියේ සුළං බලයෙන් ගිගාවොට් 40කට වැඩිය නිපදවන්න පුළුවන්.

2040 වෙන විට අපේ රටට මුළු ඉල්ලුමම ගිගාවොට් 08යි. අපට සුළංවලින් විතරක් මෙගාවොට් 40,000ක් විතර හදන්න පුළුවන්.

අපට විශාල විභවතාවක් තිබෙනවා. එතනට අපි ආයෝජනය ගෙනත් මේ සුළං බලය හදන්න ඕනෑ.’

Related posts

ගෑස් මිල තවත් පහල දමයි…

Shiran Viraj

රෝහල් ගතව සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 7,000 ඉක්මවයි

Shiran Viraj

සහරාන්ව නැවැත්වීමට තිබුණේ මීට වසර 05කට පෙර බව පාඨලී කියයි

Shiran Viraj