29.5 C
Colombo
July 10, 2026
Local NewsNews

පාසල් සිසුවෙකු බෝම්බයක් අහුලයි..

මාදම්පාගම, දේවගොඩ ප්‍රදේශයේ කැලෑ බද ඉඩමක තිබී ⁣අත්බොම්බයක් පාසල් සිසුවෙකු විසින් අහුලාගෙන එය අම්බලන්ගොඩ පොලියට (21) සවස බාර දී තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මාදම්පාගම, දේවගොඩ සිරි රතන මාවතේ නිවසක පාසල් දරුවෙක් නිවසට යාබද කැලෑ බද ඉඩමකට සරුංගල් සෑදීම සදහා කිතුල් අතු කපා ගැනිමට ගිය අවස්ථාවේ කුණුගොඩක තිබු බෝලයක් වැනි යමක් අහුලාගෙන තිබෙන බව අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

එම සිසුවාගේ ඥාතියකු එය අත්බොම්බයක් බවට හදුනාගෙන අම්බලන්ගොඩ පොලිසිය දැනුවත්කර ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ ⁣අම්බලන්ගොඩ පොලිස් නිලධාරින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් කැඳවා එම බෝම්බය නිශ්ක්‍රීය තත්ත්වයට පත් කිරීමට කටයුතු කල බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

බෝම්බය අහුලාගත් දරුවාගෙන් හා නිවැසියන්ගෙන් වැඩිදුර ප්‍රශ්ණකර ඉදිරි විමර්ශන කිරිම සදහා අක්‍රිය කරන ලද අත්බොම්බය පොලිස් භාරයට ගෙන ඇති අතර, මෙම අත් බෝම්භය අහුලා ගැනීමෙන් පාසල් දරුවාට මෙහි තිබූ අවදානම පිළිබඳව එම සිසුවාය පොලීසිය අවවාද කල බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි.

බොලයක්යැයි සිතා අහුලාගත් අත්බොම්බය ගැලවිමට උත්සාකර ඇතත් ඒය ක්‍රියාත්මක නොවිම දරුවාගේ වාසනාවක් බවද පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, බලපිටිය මහේස්ත්‍රාත් වෙත කරුණු ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බොම්බය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ පවත්වන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Related posts

ලේකම්ගේ මතය බැහැර කරමින් පොහොට්ටු මූලස්ථානයේ මාධ්‍ය හමුවක්.. ගම්මන්පිලට කණගාටුව පල කරයි…

Shiran Viraj

ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේදී කලුකොඩි විරෝධතා…

Shiran Viraj

ලංකාවේ තෙල් නැති නිසා විදෙස් ගුවන් යානා මගී ගමන් මළු දමා එති..

Shiran Viraj