28.4 C
Colombo
August 21, 2026
Local NewsNews

ඉන්දීය ධීවරයින් 345 ක් අත්අඩංගුවට…

යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක්  සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු  අත්අඩංගුවට ගත් බවට නවික හමුදාව පැවසීය.

උතුරු නාවික විධානය මඟින් සිදුකරන ලද සෝදිසියකදී යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාව සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට පියවර ගැනුනි.

මේ අතර 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රා 47 සහ ඉන්දීය ධීවරයින් 345 ක් නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවට නාවික හමුදාව පවසයි.

– Reporter

Related posts

කොළඹ නගරයේ පැල්පත් ඉවත් කිරීම ගැන නිවාස අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

Shiran Viraj

ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..

Shiran Viraj

නව රජයේ විගණකාධිපතිවරිය ලෙස සමුදිකා ජයරත්න පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Shiran Viraj