July 19, 2026
NewsPolitical

සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..

සජිත් ප්‍රේමදාස මහතාගේ ඉංග්‍රීසි දැනුම සම්බන්ධයෙන් තමන් කිසිදු වාදයක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

විලියම් විලියම් ෂේක්ස්පියර් විනිසිය වෙළෙන්දා කෘතිය ලිවීමට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ ටියුෂන් පන්තිවලට පැමිණි බවට කතාවක් ඇති බවද ඔහු පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණ ජන රැලියක් අමතමිනි.

“සජිත් ප්‍රේමදාස මහත්තයට හොදට ඉංග්‍රිසි කතාකරන්න පුළුවන් කියලා එයාලගේ අය කියනවා. මම ඒගැන වාද විවාද කරන්න යන්නේ නැහැ. මොකද එතුමගේ ටියුෂන් පංතිවලට විලියම් ෂේක්ස්පියර් කියන කවියා ආවා කියලා දන්නවද. වැනිසියේ වෙළෙන්දා ලියන්න කලින් එතුමා ඒ පංතියට ආවේ. අපි ඒගැන වාද කරන්න යන්නේ නැහැ.

ඒනිසා මම ටීම් එකක් ගැන කියන්නේ නැහැ. මාව හොදනම් අරගන්න එච්චරයි කියන්නේ. පාර්ලිමේන්තුවට තේරීලා එන අයගෙන් තමයි ටීම් එක තෝරගන්න වෙන්නේ. ඒක මට අවශ්‍ය විදිහට කරන්න බැහැ. ඒ නිසා මොන පක්ෂයේ උනත් හොද මිනිස්සු පාර්ලිමේන්තුවට දාන්න.

මේ සැරේ මම ජනාධිපතිවුණාම පාර්ලිමේන්තුවේ හිටපු ටීම් එක මම ගත්තා. මම තෝරන්න ගියේ නැහැ. ඔනෙම ටීම් එකක් දෙන්න මම වැඩකරලා පෙන්නන්නම්. නායකයා කියන්නේ එහෙම කෙනෙක්.”

Related posts

මහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..

Shiran Viraj

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…

Shiran Viraj

පොලිසියේ 297කට කොරෝනා..

Shiran Viraj