26.7 C
Colombo
June 2, 2026
Local NewsNews

මාව ගෙයින් එලියට ඇදල දැම්මා..- ඇමතිවරයෙක් පොලිසි යයි..

නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තමන්ට හිමිකම් ඔප්පුවකින් අයත් නිවස හැටන් වැවිලි සමාගමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට ලබාදිම නිතියානුකුල නොවන බව පවසමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ.අරවින්ද කුමාර් මහතා ලිදුල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

1985 වසරේ තමන් එම වතුයායේ සේවය කරන අවස්තාවේ ලබාදුන් නිල නිවසට යාබදව පිහිටි විශාල ඉඩමක් තම මව විසින් තමන් වෙත ලබාදුන් බවත්, එම ඉඩමට 2015 වසරේ හිමිකම් ඔප්පුවක්ද ලබාගෙන ඇති බවත්, අධිකරණය මගින් වතු සමාගමට භාර දියයුතු ඉඩම නොව ඊට යාබදව පිහිටි වෙනත් ඉඩමක් ලබා දි ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා විසින් කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත.

තමන් නිවසේ නොසිටි අවස්තාවේ නිවසේ දොරගුළු කඩා ඇතුල් වි ඇති වතු පාලන අධිකාරිය සහ නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඇතුළු නිලධාරින් පිරිසක් තමන්ට අයිති නිවස එම වතුයායේ පාලන අධිකාරියට භාරදුන් නියෝගය ඉඩමේ මායිම් පිලිබදව අවබෝධයකින් තොරව මුළු ඉඩමම සහ එම ඉඩමේ පිහිටි සියළුම ගොඩනැගිලි භාර දිම නිවැරදි නොවන බවත්, ඒ පිලිබදව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පවසමින් අරවින්ද කුමාර් මහතා විසින් කර ඇති පැමිණිල්ලේ වැඩිදුරටත් සටහන් කර ඇත.

අධිකරණ කිහිපයකින් ලබාදුන් නියෝගයක් සම්බන්ධයෙන් පොලිසියට කිසිවක් සිදු කිරිමට නොහැකි බවත්, ඒ සදහා අවශ්‍ය නිති උපදෙස් ලබාගෙන අවශ්‍ය  ඉදිරි නිතිමය කටයුතු කරන ලෙසට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතාට පොලිසියේ නිලධාරින් පවසා ඇත.

ඉකුත් (05) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතුළු නිලධාරින් පිරිසක් ලිදුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි අරවින්ද කුමාර් මහතාට වතු සමාගම විසින් නිල නිවස වශයෙන් ලබා දි තිබු නිවසේ තිබු අරවින්ද කුමාර් මහතාට අයත් යැයි කියන සියළුම පෞද්ගලික බඩු බාහිරාදිය ලැයිස්තු ගත කර එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දි ඇති අතර, වතු පාලන අධිකාරිය විසින් එම භාණ්ඩ වතුයායේ වෙනත් ගොඩනැගිල්ලක ආරක්ෂිතව තබා එම ගොඩනැගිල්ලට මුරකරුවන්ද යොදා ඇත.

– Reporter

Related posts

බංගලි අරගල සැප ඉවරයි.. අන්තර්වාර රජය බංකොලොත්.. IMF වෙතින් බිලියන අටක් යදී… පෝලිම් Loading….

Shiran Viraj

සජිත් රටේ විකල්ප නායකයා ලෙස ජනතාව තෝරාගෙන අවසන්..

Shiran Viraj

ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්

Shiran Viraj