27 C
Colombo
July 27, 2025
NewsPolitical

රට ඉන්න අයට ඡන්දෙ දාන්න එන්න විදිහක් නෑ මෙහෙ පාස්පෝට්, වීසා ප‍්‍රශ්ණ නිසා..

ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට මෙරටට පැමිණීමට සැලසුම් සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට තුළ පවතින වීසා හා විදේශ ගමන් බලපත්‍ර අර්බුදය මත දුෂ්කරතාවයට මුහුණ පා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

විදේශගත ශ්‍රමිකයන් විශාල පිරිසක් මැතිවරණයට මෙරට පැමිණෙන අපේක්ෂාවෙන් සිටියද විදේශ ගමන් බලපත්‍ර කල් ඉකුත් වීම හා ඒවා අලුත් කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත් විසා ලබා ගැනීමේදීද දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බවත් හෙතෙම කියා සිටියේය.

ආණ්ඩුව ඇතැම් විට හිතාමතාම මෙම ප්‍රශ්නය උග්‍ර වීමට ඉඩදී ඇත්දැයි සැකයක් ඇතිවී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

කුසලධම්ම හිමිගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන්න ගිහි පැවිදි විශාල පිරිසක් පැමිණෙයි

Shiran Viraj

පොලිසිය දේශබන්දුගේ නිවසට පනී.. ඔහු අතුරුදහන්..

Shiran Viraj

නුගේගොඩ පාර වසා විරෝධතා… මාදිවෙල මන්ත‍්‍රී නිවාසවලට දැඩි ආරක්‍ෂාවක්..

Shiran Viraj