26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

පොලිසිය දේශබන්දුගේ නිවසට පනී.. ඔහු අතුරුදහන්..

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පදිංචි නිවස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් සෝදිසියකට ලක් කර තිබේ.

ඒ ඔහු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කරන ලද නියෝගයක් මතයි.

පොලිසිය විසින් සෝදිසියට ලක් කරන අවස්ථාවේදී ඔහු එම නිවසේ සිට නැති බවද වාර්තා වෙයි.

2023 වසරේ දෙසැම්බර් 31වෙනිදා මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පොලිස් නිලධාරියෙකු මිය යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම නියෝගය අධිකරණයෙන් නිකුත් කර තිබේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අධිකරණ නියෝගයක් මත ලොක්කෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිවසට ගිය අවස්ථාවේ දී ඔහු සැඟවී ඇති බවය.

නමුත් අද හෙටම ඔහු බාරවනු ඇතැයි තමා විශ්වාස කරන බවද හිතම කියා සිටියේය.

Related posts

තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..

Shiran Viraj

පීනස වළක්වන පෙතිවල අතුරු ආබාධ වැඩියි

Shiran Viraj

ආසාදිතයන් රට පුරා බහුලව.. ශ‍්‍රී ලංකාව යලිත් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ..

Shiran Viraj