26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

ඡන්දෙ දාන්න වලංගු හැඳුනුම්පතක් රැගෙන යන්න…

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද පොළට යාමේදී වලංගු හැඳුනුම්පත් රැගෙන යාම අත්‍යාවශ්‍ය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත්කර ඇති ජාතික හැඳුනුම්පත ,වලංගු විදේශීය ගමන් බලපත්‍රය ,වලංගු රියදුරු බලපත්‍රය රැගෙන යාමට හැකිය.

ඊට අමතරව රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත ,වැඩිහිටි හැදුනුම්පත ,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන පූජ්‍ය පූජක හැදුනුම්පත ,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ද මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු බව කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත ,ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව පැවසීය.

අපැහැදිලි හැඳුනුම්පත්,අමාත්‍යංශ ,දෙපාර්තමේන්තු ,රාජ්‍ය ආයතන, නිකුත් කර ඇති හැඳුනුම්පත්,ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී ලබා දෙන කුවිතාන්සිය ඇතුළු කිසිදු ලියකියවිල්ලක් පිළි නොගන්නා බව පැවසීය.

මේ ඡන්ද පොළට යාමේදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා රැගෙන යාම ඉතා වැදගත් වෙයි.

එය ඡන්ද පොල නිලධාරීන්ට පහසුවක් බව කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

කොරියන් ගිය ශ්‍රී ලාංකික තරුණයා යැවූ බව කියන අහස් කූරක් නිසා ඉන්ධන ලීටර් මිලියන තුනක් විනාශ වෙයි..! තරුණයා සැකපිට අත්අඩංගුවට

Shiran Viraj

භූගත ජලය ලබාගැනීම නියාමනයට පියවර

Shiran Viraj

අධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයි

Shiran Viraj