26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..

විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් පැමිණිල්ලක් ලැබුණු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් නිමල් පුංචිහේවා මහතා පැවසීය.

පැෆරල් සංවිධානය විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇතිබවට නිරීක්ෂණය වී ඇත්තේ යාපනය ,රුහුණ සහ කැලණිය විශ්ව විද්‍යාල වල සිසුන් පිරිසකටයි.

ලබන 20 වනදා දවස පුරා අධ්‍යන කටයුතු සිදුකිරීම ඊට හේතුවයි.

ඒ හේතුවෙන් දුර බැහැරව පදිංචි වී සිටින එම ගැටලුවට මුහුණ දෙන බව පැවසීය.

ඒ පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

ඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි (UPDATE)

Shiran Viraj

අනුර සමග එක්ව වැඩ කරන්න සූදානම්..- සුමන්තිරන්

Shiran Viraj

තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අමු බොරු…

Shiran Viraj