28.9 C
Colombo
June 2, 2026
Local NewsNews

හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..

හදි­සි­යේම කෝටි­ප­ති­යන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩා­ය­මක තිදෙ­නකු යාප­නයේ කෝපායි පොලි­සිය විසින් 7 දා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පසු­ගිය වස­රේදී ගායික ගායි­කා­වන් තුන් දෙනකු එකතු වී සංගීත කණ්ඩා­ය­මක් පිහි­ටුවා ගෙන ඇති අතර ඔවුන්ගේ බැංකු ගිණු­ම්ව­ලට රුපි­යල් කෝටි ගණ­නින් මුදල් බැර වන බව වවු­නි­යාව පොලිසියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන්ට නිරී­ක්ෂ­ණය වී තිබේ.

වවු­නි­යාව පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශය වෙනත් පැමි­ණි­ල්ලක් මත පරී­ක්ෂණ සිදු­ක­ර­ගෙන යාමේදී මේ ගායක ගායි­කා­වන් තුන් දෙනාට රුපි­යල් කෝටි ගණ­නින් මුදල් ලැබෙන බව පෙනී ගොස් තිබේ.

ගායක ගායි­කා­වන් තුන් දෙනා­ගෙන් එක් අයකු වවු­නි­යා­වේද, දෙදෙ­නකු යාප­න­යේද නිසා වවු­නි­යාව පොලි­සිය මේ සම්බ­න්ධ­යෙන් කෝපායි පොලි­සිය දැනු­වත් කර ඇත.

පොලි­සිය විසින් සිදු කරනු ලැබූ පරී­ක්ෂ­ණ­ව­ලදී මේ ගායක ගායි­කා­වන් තිදෙනා ඉතාම කෙටි කාල­ය­කදී කෝටි­ප­ති­යන් බවට පත්ව ඇති බවට හඳුනා ගැනීම හේතු­වෙන් මේ සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කිරී­මට ඔවුන්ව අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සැක­කාර ගායක ගායි­කා­වන් තිදෙ­නා­ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී ඔවුන්ගේ බැංකු ගිණු­ම්ව­ලට මුදල් බැර කොට ඇත්තේ කවර හේතූන් මතද යන්න හෝ මුදල් බැර කළ පුද්ග­ල­යින් පිළි­බ­ඳව සම්පූර්ණ විස්ත­ර­යක් ප්‍රකාශ කිරී­මට ඔවුන් අපො­හො­සත් වී ඇත.

මේ හේතු­වෙන් යාප­නය අධි­ක­ර­ණ­යෙන් ලබා ගත් රැඳ­වුම් නියෝ­ග­යක් මත ඔවුන් තිදෙනා රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලි­සිය කියයි.

– රසුල දිල්හාර ගමගේ

Related posts

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.

Shiran Viraj

විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..පාර්ලිමේන්තුවට වැඩි බලතල නව ව්‍යවස්ථාවක්

Shiran Viraj

පාස්කු ප්‍රහාරයේ නඩු විභාගය සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මහතාගෙන් බරපතළ සැකයක්

Shiran Viraj