July 2, 2026
NewsPolitical

සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ යෝජනාවක් තමන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

පළමු පාර්ලිමේන්තු දිනයේදිම එය ගෙන ඒමට නොහැකි වනු ඇති බවත් ඉන් අනතුරු දිනක එම යෝජනාව ඒමට සූදානම් බවද හෙතෙම කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන උදේ සහ දිවා ආහාරය සම්පූර්ණයෙන් නතර කරන්න. අවශ්‍ය නම් අපි ගෙදරින් අරගෙන එන්නම්.

අඩු පොලියට දෙන මිලියන 10ක ණය මුදල සම්පූර්ණයෙන් නවත්වන්න.

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ කැබිනට්, අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව නතර කරන්න.

කොළඹ නිල නිවාස අමාත්‍යවරුන්ට දෙනවා නම් කුලී පදනම මත ලබාදෙන්න. ඒ සල්ලි මහපොළ අරමුදලට ලබාදෙන්න.

කාර්යාලයක් සඳහා ලබාදුන් රුපියල් ලක්ෂයක මුදල අවශ්‍ය නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,285යි. එකත් එපා නම් මේක ගරු සේවයක් කරන්න. වාහන දීමනා ඇතුළු සියල්ල නතර කරන්න.

මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස විශ්වවිද්‍යාල දරුවන්ට නේවාසිකාගාර පහසුකම් ලෙස ලබාදෙන්න.

රුපියල් ලක්ෂ 10ක් ලබාදෙන රක්ෂණ ආවරණය නතර කරන්න.

විශ්‍රාම වැටුප අහෝසි කරලා දාන්න.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රභූත්වය නැති කරන්න.

21 වෙනදාට පෙරම මේක පටන් ගන්න. මොකද 21 නිවාස දෙන්න ෆෝම් එක දුන්නට පස්සේ මේක කරන්න බැරි වෙයි. ඒ නිසා දැම්ම පටන් ගන්න.”

Related posts

ජාත්‍යන්තර ණය වාරික ගෙවීම කල් දමා ජනතාව කන්න බොන්න ගෙන ආ යුතුයි..

Shiran Viraj

ජනාධිපති එක් රථයකින් පාර්ලිමේන්තුවට..

Shiran Viraj

ජනාධිපතිගේ වාහනය ඩොලර් මිලියන දෙකයි.. අපි ආවම එම වාහන විකුණා රටට අවශ්‍ය ඩොලර් හොයාගන්නවා..- අනුර

Shiran Viraj