33.4 C
Colombo
April 10, 2026
Local NewsNews

වඩමාරච්චි යුද හමුදා කදවුරක් ඉවත් කරයි..

යුද හමුදාව විසින් යාපනය වඩමාරච්චි කාකෝවලම් ප්‍රදේශයේ පවත්වාගෙන යන යුද හමුදා කඳවුරක් මේ මස තිස් වැනිදාට පෙර ඉවත් කර ගැනීමට තීරණය කර තිබීම.

එම ප්‍රදේශයේ අක්කර අටක ප‍්‍රමාණයකින් යුතු පෞද්ගලික ඉඩමක මෙම හමුදා කඳවුර වසර 38ක කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබේ.

ඉඩම් මුල් අයිතිකරුවන් තිදෙනකු එහි භුක්තිය තමනට ලබාදෙන ලෙස රජයෙන් කළ ඉල්ලීම් වලට අනුව කඳවුර ඉවත් කිරීමට තීරණය කර තිබේ.

යුධ සමයේදී ප්‍රදේශයේ වැසියන් ඉඩකඩම් අතහැර පලායමෙන් පසුව ප‍්‍රදේශයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමට මෙම හමුදා කඳවුර ඉදිකර තිබින.

ඉඩමේ මේ වන විට ස්ථිර ගොඩනැගිලි රැසක් හා ස්ථිර වගා විශාල ප්‍රමාණයක් තිබේ.

ඒ අනුව කඳවුරේ ගොඩනැගිලි හා වගාවන් එලෙසම තිබියදී හමුදා භට පිරිස් වාහන පමණක් ඉවත් කර ගැනීමට හමුදාව තීරණය කර ඇත.

Related posts

ක‍්‍රිකට් මහා පාවාදීමක්…

Shiran Viraj

“මහින්ද සුලඟේ” ආරම්භක සාමාජිකයෙකු වීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්න සුදානම් – අමාත්‍ය විමල් විරවංශ කියයි

Shiran Viraj

ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් වෙන්දේසි කරයි.. 07ක් නොවිකිණේ..

Shiran Viraj