July 7, 2026
NewsPolitical

හිටපු ඇමතිලා හතරක් හතරවෙනි තට්ටුවට ගෙන යයි.. හිටපු ජනපතිත් මග එනවා..

පසුගිය රජයේ හිටපු කැබිනට් අමාත්වරුන් හතර දෙනකු අද රහස් පොලිසියට කැඳවා තිබේ.

ඒ එම රජය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමටය.

ඒ අනුව එසේ අද කැඳවා ඇත්තේ හිටපු ඇමතිවරුන් වන රොෂාන් රණසිංහ, හරින් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ යන හිටපු අමාත්‍යවරුන් සිව් දෙනාය.

එම පරීක්‍ෂණයට අදාලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පැවති රජයේ කැබිනට් මණ්ඩලයෙන්ම ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසියට අධිකරණය විසින් අවසර ලබා දී ඇත.

Related posts

ශ‍්‍රී ලංකාවට හැකර් ප‍්‍රහාරයක්.. google.lk ඇතුළු අඩවි ගණනාවකට හැකරුන් පනී…

Shiran Viraj

ග‍්‍රාම සේවකලා අද සිට වර්ජනයේ.. වැඩි පඩි ඉල්ලයි…

Shiran Viraj

ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..

Shiran Viraj