28.9 C
Colombo
September 19, 2026
Local NewsNews

දීර්ඝ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ..

2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් (22) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි දෙවන අදියර ලබන වසරේ ජනවාරි 02 ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව 2024 වසරේ පාසල් තෙවන වාරය ජනවාරි 17 වැනිදා අවසන් වීමට නියමිත බව එම අමාත්‍යාංශය පවසයි.

මේ අතර 2024 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන සඳුදා (25) ආරම්භ වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එය දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විභාග මධ්‍යස්ථාන 2312 කදි එය පැවැත්වෙයි.

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319ක් ද ඒ වෙනුවෙන් ස්ථාපිත කර තිබේ.

මෙවර විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ තිස්තුන් දහස් එකසිය අසූතුන් දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ පනස්තුන්දහස් තුන්සිය අනූවක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79795 ක් ඇතුළත් බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Related posts

තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අමු බොරු…

Shiran Viraj

මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්..- විමල්

Shiran Viraj

ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා…

Shiran Viraj