31.1 C
Colombo
June 9, 2025
Local News News

රජයේ සැප වාහන වෙන්දේසියක්..

නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති නමුත් මෙතෙක් ඔවුන්ට වාහන ලබාදීමක් නැති බව වාර්තා වෙයි.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ රජය මේ වනවිට සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට කටයුතු කරමින් සිටින බවය.

මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් මේ වන විට භාවිත කරන්නේ තමන්ගේම වාහන බවත් ඔහු පැවසීය.

‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට අපි තීරණයක් ගෙන තිබෙනවා. නමුත් ඔවුන්ට වාහන දෙන්නේ කවදාද කියලා අපි තීරණය කරලා නැහැ. ඒ අයට දෙන්න අලුත් වාහන ගෙන්වන්නේ නෑ..’

ඒ සම්බන්ධයෙන් රජය පසුව සොයා බලන බව ඔහු පැවසීය.

Related posts

ඇමෙරිකානු වීසා ගැනීමේදී සමාජජාල ඉතිහාසය පිරික්සීමට යයි

Shiran Viraj

කෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න..- මහබැංකුව විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයදී…

Shiran Viraj

ලියාපදිංචි ඖෂධ හඳුනා ගන්න විශේෂ ස්ටිකරයක්..

Shiran Viraj