31.1 C
Colombo
June 2, 2026
Local NewsNews

රෝහල් කමිටු විසුරුවා හැරේ..

දැනට ක්‍රියාත්මක රෝහල් කමිටු විසුරුවා හැර නව රෝහල් කමිටු පත්කර වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්නැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථිර සැලසුමකට අනුව සිදුවිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

දිවයින පුරා සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැත් වූ හමුවකට එක්වෙමින් ඔහු එසේ කීය.

ජනතාවට ගුණාත්මක සහ තත්වයෙන් උසස් ඖෂධ අඛණ්ඩව සැපයීම පිළිබඳ වගකීම ඖෂධ සම්බන්ධ ප්‍රධාන ආයතන 4 බාරගත යුතු බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව මට්ටමෙන් ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඒකාබද්ධව මෙහෙය විය හැකි ව්‍යාපෘති කළමනා කරණ ඒකකයක් ස්ථාපිත කරන බවත් ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

Related posts

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවයේ සිදුවීම ගැන විමර්ශනයක්

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට සියළු අවස්ථාවන් අහිමි වේ.. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තරග දෙක ජයගනී..

Shiran Viraj

රජය පලමු වී තොගය මිලට ගනී.. පිලිගන්න ඉහල නිලධාරීන් වී ගබඩාවට..

Shiran Viraj