26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

ගාස්තු අඩු කිරීමෙන් විදුලිය අර්බුදයක..

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමගම විදුලිබල මණ්ඩලය සෑම විදුලි ඒකකින්ම පාඩු ලබන බව ලංකා විදුලි පොදු සේවක සංඝමය සඳහන් කරයි.

එහි සභාපති මාලක වික්‍රමසිංහ මහතා පෙන්වා මෙම සංශෝධනයත් සමගින්ම අවම රුපියල් පහක මුදලක් සෑම විදුලි ඒකකයෙක්ම මණ්ඩලයට පාඩු ලැබීමට නියමිතව ඇති බවය.

මේ හරහා විදුලි ලංකා විදුලිබල මණ්ඩලය බරපතල මුල්‍ය අර්බුදයකට ලක්වීමේ අවධානමක් ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

ඒ හරහා නැවතත් වක්‍රාකාරයෙන් ජනතාව මත පැටවෙනු ඇති බවද ඔහු අවධාරණය කරයි.

දැනට විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් තිහක් වන බවත් නව විදුලි ගාස්තු සංශෝධනය සමගින් විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 25 ක් කට වඩා අඩුවන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

අනාගත ලෝකයට සූදානම් වීමට අධ්‍යාපන ක්‍රමය යළි සකස් කළ යුතුයි – නලින්ද ජයතිස්ස

Shiran Viraj

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

Shiran Viraj

කඩුලු 8ක ජයක් නවසීලන්තයට

Shiran Viraj