25.6 C
Colombo
May 27, 2026
Local NewsNews

ගාස්තු අඩු කිරීමෙන් විදුලිය අර්බුදයක..

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමගම විදුලිබල මණ්ඩලය සෑම විදුලි ඒකකින්ම පාඩු ලබන බව ලංකා විදුලි පොදු සේවක සංඝමය සඳහන් කරයි.

එහි සභාපති මාලක වික්‍රමසිංහ මහතා පෙන්වා මෙම සංශෝධනයත් සමගින්ම අවම රුපියල් පහක මුදලක් සෑම විදුලි ඒකකයෙක්ම මණ්ඩලයට පාඩු ලැබීමට නියමිතව ඇති බවය.

මේ හරහා විදුලි ලංකා විදුලිබල මණ්ඩලය බරපතල මුල්‍ය අර්බුදයකට ලක්වීමේ අවධානමක් ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

ඒ හරහා නැවතත් වක්‍රාකාරයෙන් ජනතාව මත පැටවෙනු ඇති බවද ඔහු අවධාරණය කරයි.

දැනට විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් තිහක් වන බවත් නව විදුලි ගාස්තු සංශෝධනය සමගින් විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 25 ක් කට වඩා අඩුවන බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න..

Shiran Viraj

මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි – කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයි

Shiran Viraj

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

Shiran Viraj