26.1 C
Colombo
September 17, 2026
NewsPolitical

රජයේ වැඩපිළිවෙළ ඉදිරියට යාමට නම් පළාත් පාලන ඡන්දෙත් දිනන්න ඔ්නෑ…

රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

රජය භෞතිකව සහ සදාචාරාත්මකව රට වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ගන්නා උත්සාහයේදී අභියෝගවලට මුහුණදීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.

රට වෙනස් කිරීමට වසර පහක ජනවරමක් ජනතාව ලබා දී ඇති බවත් විවේචනවලට කිසිවකු කලබල නොවිය යුතු බවත් ඔහු පැවසීය.

කඩා වැටුණු ආර්ථිකයක් තුළ රජය පසුගිය මාස දෙක තුළ දැවැන්ත ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව පැවසූ සිල්වා මහතා රට සංවර්ධනය කිරීමට අවශ්‍ය අඩිතාලම රජය දමා ඇති බවද සදහන් කරයි.

කොළඹ පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

අගමැතිනි හරිනිට ඉල්ලා අස්වන්නැයි කියයි…

Shiran Viraj

ආණ්ඩුවේ අවසානය ඩලස්ගේ පෑනෙන් ලියා දන්වයි.. අගමැතිට ඉවත්වන්න අන්තිම අවස්ථාව දෙයි..

Shiran Viraj

හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි.. නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී..

Shiran Viraj