28 C
Colombo
June 3, 2025
News Political

මහින්දගේ නිවසේ කුළිය ලක්ෂ 46යි.. ගෙව්වේ නැත්නම් රජයට පවර ගන්නවා..- ජනපති

පෙර ආණ්ඩු සමයේ මැති ඇමතිවරුන් ආරක්ෂකයන් පිරි වාහන පිරිවරා ගෙන ගිය ද අද කිසිදු ඇමතිවරයෙකු ආරක්ෂකයන් හෝ වාහන පෙළපාළිවලින් ගමන් නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාවට දහස් ගණනක් ත්‍රිවිද හමුදා පොලිස් නිලධාරීන් සමග වසරකට මිලියන 700ක් වියදම් කර ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කරයි.

ඒ සියල්ල ඉවත් කර දැන් ආරක්ෂාවට 60 දෙනෙකු ලබා දී ඇති බවත් තවත් කෙඳිරි ගෑවොත් ඒ 60 ද ඉවත් කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ තක්සේරු කළ මාසික කුළිය ලක්ෂ 46ක් බවත් පනත අනුව ජනාධිපතිවරයාට නිවසක් හෝ වැටුපින් 1/3ක් හිමි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

“හිටපු ජනාධිපතිට ගෙයක් නැත්නම් වැටුපින් 1/3ක් හිමියි. අපි ගේ ගන්නවා පඩියෙන් 1/3ක් ගෙවනවා. ඒ කියන්නේ 30 000ක්. එහෙම නැත්නම් ඉතිරි සල්ලි ටික දීලා කුළියට ඉන්න පුළුවන්. නැත්නම් එළියට. ලක්ෂ 46ක් මාසේ කුළිය.”

කළුතර කටුකුරුන්ද ප්‍රෙද්ශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීය.

Related posts

හොඳ නළුවෙක් වෙන්න නම් මුලින්ම ජීවිතය අහුවෙන්න ඕන

Shiran Viraj

එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝ

Shiran Viraj

ඉදිරි මාස තුනක් විදුලි කප්පාදුවක් අවශ්‍ය බව ලංවිම දැනුම් දේ…

Shiran Viraj