27.9 C
Colombo
September 10, 2025
Local NewsNews

බස් නැතිව දීර්ඝ පෝලිම්..

තෛපොංගල් උත්සවය සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වතුකරයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන කරා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස (20) දින හැටන් බස් නැවතුම්පොලේ දිගු පොලිම් වල රැදි සිටිහ.

තමන් (21) දිනයේ රැකියා ස්ථාන වෙත අනිවාර්යෙන්ම වාර්තා කල යුතුව ඇති බවත්, කොළඹ දක්වා යාමට ප්‍රමාණවත් ලංගම සහ පෞද්ගලික බස් රථ නොමැති බවයි අසිරුතාවයට පත් වි ඇති මගින් කියා සිටියේ.

කොළඹ දක්වා ගමන් කිරිමට පැමිණි ඇතැම් මගින් බස් රථ නොමැති විමෙන් ආපසු නිවාස කරා ගිය බවයි පොලිම් වල රැදි සිටි මගින් කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම ඩිපෝවෙන් බස් රථ 10 ක් කොළඹ දක්වා ධාවනයට එක් කර ඇති බවත්, එම මාර්ගයේ ධාවනය කරන බස් රථ තුනක් කාර්මික දෝෂයට ලක් වි ඇති බවයි.

තෛපොංගල් උත්සවයට පැමිණි වතුකරයේ ජනතාව ප්‍රවාහනය කිරිමට කොළඹින් අමතර බස් කිහිපයක් ඉල්ලා ඇති බවද එම නිලධාරියා පැවසිය

Related posts

බස්නාහිර පළාතේ ජලසම්පාදන සේවා අද අඩාල වෙනවාලු

Shiran Viraj

ගුරුවරියන්ගේ සාරිය ගැන අවසන් තීන්දුව මෙන්න..

Shiran Viraj

ක්‍රිකට් තරුවක් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියි

Shiran Viraj