April 7, 2026
Local NewsNews

බස් නැතිව දීර්ඝ පෝලිම්..

තෛපොංගල් උත්සවය සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වතුකරයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන කරා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස (20) දින හැටන් බස් නැවතුම්පොලේ දිගු පොලිම් වල රැදි සිටිහ.

තමන් (21) දිනයේ රැකියා ස්ථාන වෙත අනිවාර්යෙන්ම වාර්තා කල යුතුව ඇති බවත්, කොළඹ දක්වා යාමට ප්‍රමාණවත් ලංගම සහ පෞද්ගලික බස් රථ නොමැති බවයි අසිරුතාවයට පත් වි ඇති මගින් කියා සිටියේ.

කොළඹ දක්වා ගමන් කිරිමට පැමිණි ඇතැම් මගින් බස් රථ නොමැති විමෙන් ආපසු නිවාස කරා ගිය බවයි පොලිම් වල රැදි සිටි මගින් කියා සිටියේ.

අප මේ සම්බන්ධයෙන් හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම ඩිපෝවෙන් බස් රථ 10 ක් කොළඹ දක්වා ධාවනයට එක් කර ඇති බවත්, එම මාර්ගයේ ධාවනය කරන බස් රථ තුනක් කාර්මික දෝෂයට ලක් වි ඇති බවයි.

තෛපොංගල් උත්සවයට පැමිණි වතුකරයේ ජනතාව ප්‍රවාහනය කිරිමට කොළඹින් අමතර බස් කිහිපයක් ඉල්ලා ඇති බවද එම නිලධාරියා පැවසිය

Related posts

උතුරු මුහුදේ ධීවර ගැටුම් දරුණු වේ.. ඉන්දීය යාත්‍රාවකින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්….

Shiran Viraj

උසස් පෙළට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වන්න වැඩපිළි‍වෙළක්…

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශයි..- කොළඹ ඇමරිකා තානාපතිනි…

Shiran Viraj