30.6 C
Colombo
June 21, 2025
Business Business News Local News News

එමිරේටයෙන් ලංකාවට ලාබෙට තෙල්…

රජයෙන් රජයට ගිවිසුම් ගතවී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු වියදමකින් ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව රජය සොයා බලමින් ඇති බව වාර්තා වෙයි.

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

තෙවන පාර්ශවයන් හරහා ඉන්ධන ආනයනය කිරීමේදී සිදුවන අමතර පිරිවැය ඉතිරි කර ගැනීම මෙමගින් අපේක්‍ෂිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයේ ප්‍රධාන තෙල් නිෂ්පාදකයන්ගෙන් එකකි. ඔවුන්ගේ ආර්ථිකය බොහෝ දුරට තෙල් මත පදනම් වී ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතුව ලෝකයේ හත්වන විශාලතම තෙල් සංචිත ඇත.ඔවුන් දිනකට බොරතෙල් මිලියන 3 කට වඩා නිෂ්පාදනය කරයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලොව පුරා රටවල් ගණනාවකට තෙල් අපනයනය කරයි. ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවන් අතරට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ආසියානු රටවල් මෙන්ම යුරෝපීය රටවල් ද ඇතුළත් වේ.

Related posts

2018 වෙනුවෙන් බෙන්ජමින් නෙතන්යාහු මෝදීට දෙන්න හදන තෑග්ග මෙන්න (PHOTOS)

Shiran Viraj

රංගෙ බණ්ඩාර නෙරපයි.. එජාපයේ දෙවැනි මහ පුටුව තලතාට..

Shiran Viraj

අනුර ජනාධිපති වුනාම හිටපු ජනාධිපතිලා නිල නිවාසවලින් ඉවත් කර දරුවන්ට බාර දෙන උත්සවයක් තියනවා..

Shiran Viraj