July 7, 2026
Local NewsNews

වැරදි ගැබ්ගැනීමක් නම් නොමිලේ රහස් ප්‍රසූතිය – අලෙවියෙන් පසු මුදල් අපට – සැකකරු හසුවේ

අතවරයට පත්ව ගැබිණියන්වූ හෝ අනියම් ඇසුරුකම් නිසා හෝ අත්වැරදීම් නිසා හෝ ගැබිණියන්වූ කාන්තාවන්ට සහන සලසන බව පවසා ඔවුන්ව දරු ප්‍රසූතිය දක්වා සිය මධ්‍යස්ථානවල රඳවාගෙන දරුවන් ලද පසු විකිණීමේ ජාවාරමක් කළ අයෙකු හසුව තිබෙයි. CSC Nation Lanka නමින් සංවිධානයක් ආකාරයට පෙනී සිටිමින් ෆේස් බුක් ඔස්සේද  දැන්වීම් පළ කරමින් රුපියල් ලක්ෂ එකහමාරත් තුනත් අතර මුදලට බිළිඳුන් අලෙවි කරන ජාවාරමක් පවත්වා ගිය මංජුල උක්වත්ත නමැති මෙම සැකකරු මාතලේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා මේ වන විට අලුත උපන් බිළිඳුන් 30 කට ආසන්න ප්‍රමාණයක් විකුණා ඇති බව පොලිස් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
අනවශ්‍ය ගැබ්ගැනීමක් සිදුවීමෙන් පසු ඉදිරියේ දරුවා ලද පසු
සමාජයෙන් කොන්වීමට ඉඩ ඇතිය යන අසරණ සිතිවිල්ලට පත්වන කාන්තාවන්ට සහන සලසන මුවාවෙන් මොහු එකී කාන්තාවන් සමග ගිවිසුමකට එළැඹෙන අතර කාටත් රහසේ සිය මධ්‍යස්ථානවල රඳවා ගනී. දරුවා ලද පසු දරුවන් නැති අයට ලබාදෙන බව පමණක් මවට දන්වන අතර ඔහු දරුවන් විකුණන නමුත් මවට කිසිදු මුදලක් ලබාදෙන්නේ නැත.

රහසේ දරුප්‍රසූතිය දක්වා රැකවරණය සැපයීමේ සමාජ කාර්යය නොමිලේ ඉටු කරන බව පවසමින් ෆේස් බුක් ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කරමින් ඔහු විශාල පිරිසකගේ අවධානය දිනාගෙන මෙම කාර්යය ජයටම කරගෙන ගොස් තිබේ.
මෙම පුද්ගලයාගේ ළමා ජාවාරම් මෙහෙයුමට අදාළව සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවක් පදනම් කරගෙන පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව 47 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු මොරටුවේ ප්‍රදේශ දෙකක පිහිටි තම මධ්‍යස්ථාන වලදී මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින
කාන්තාවන් නවතා සිටියදී පොලිසියට හමුවී ඇති අතර අලුත උපන් දරුවා වෙනුවෙන් මුදල් ලබා දීම සඳහා ඔවුන් සමඟ ගිවිසුම්වලට එළඹ තිබූ බව පොලිසිය පවසයි.

පරීක්ෂණවලින් ගැබිනි කාන්තාවන් 12 දෙනෙකු සොයා ගැනීමට හැකි වී ඇති අතර තවත් කාන්තාවන් 12 දෙනෙකුගෙන් පස් දෙනෙකු දැනටමත් තම දරුවන් තුන්වන පාර්ශවයකට මුදල් සඳහා භාර දී ඇති බවත් හෙළිව ඇත. තිදෙනෙකු ඔවුන්ගේ දරුවන් සමඟ සොයාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව මේ ආකාරයට දරුවන් අලෙවිකිරීමට නොහැකි අතර දරුවෙකු ස්ථිර හිමිකාරිත්වයෙන් වෙනත් අයකු වෙත පැවරීමේදී දිසා අධිකරණයක් මගින් අවසර ගැනීම සිදුකල යුතු වූවත් එවැනි කිසිදු නෛතික ක්‍රමවේදයක් නොමැතිව මොහු මෙම ජාවාරමේ නිරතව ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 360 වැනි වගන්තිය අනුව මිනිස් ජාවාරම් කිරීම, ඉපදීමට පෙර කළලයක් විකිණීමට සැලසුම් කිරීම සහ ඊට ආධාර අනුබලදීමේ චෝදානා යටතේ ජාවාරම්කරු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සදහා මොරටුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

gossiplankanews

Related posts

තවත් ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…

Shiran Viraj

මහනුවර භුචලනයක් : රිච්ටර් මාපකයේ ඒකක 2.5ක අගයක් ලෙස සටහන් වෙයි

Shiran Viraj

ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන්

Shiran Viraj