29.5 C
Colombo
April 2, 2026
BusinessBusiness NewsLocal NewsNews

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMF

හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය මගින් ජනතාවට සහන ලබාදීමට සිදු බාධාවක් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කර ඇත.

නමුත් තම අරමුදල සහ ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති වැඩ පිළිවෙලේ පරාමිතීන් තුළ ඒ සියලු සහන ලබාදිය යුතු බවද ඔවුන් අවධාරණය කරයි.

කිසියම් සහනාධාරයක්, වැටුප් වැඩි කිරීමක් ආදී වියදමක් ආණ්ඩුව සිදු කරන්නේ නම් එය රාජ්‍ය ආදායම සඳහා එම මුදල උපයා ගත යුතුව ඇති බවද ඔවුන් පෙන්වා දී ඇත.

එම පරාමිතීන් ඇතුළත අයවැය ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරයි.

ඉන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය නිදහස් කිරීම සඳහා විධායක මණ්ඩලය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මුල්‍ය අරමුදලේ නියෝජිතයන් මෑතකදී ඇමරිකාවේදී පැවති මාධ්‍ය හමුවකදිද මේ බව පැවසූ අතර කොළඹ කාර්යාලයද මේ බව මහ බැංකුව වෙත සන්නිවේදනය කර ඇත.

Related posts

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට ගිය ක‍්‍රීඩිකාවක් හා නිලධාරියෙක් එංගලන්තයේදී පනී.. තවත් පනී යයි පාස්පෝට් එකතු කර ගනී..

Shiran Viraj

දැන් තත්වය ඉතාම හොදයි.. කොරෝනා හොදින් පාලනය වෙලා.. ඇදිරි නීතිය සදුදා ඉවත් කරනවා..- හමුදාපති

Shiran Viraj

මහින්ද හරිම මිත‍්‍රශීලීයි..රනිල් මුහුණවත් බලන්නේ නෑ.. අපටත් රනිල් ප‍්‍රශ්ණයක්-රන්ජන්

Shiran Viraj