28.9 C
Colombo
June 2, 2026
Local NewsNews

මහින්ද රාජපක්‍ෂගේ අබිරහස් ස්ථානයකට නියෝජ්‍ය ඇමති පනී.. මුරකරුවන් ගේට්ටු වසති.. අබිරහස හෙලි නොවේ…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අබිරහස් මධ්‍යස්ථානයක් යයි පවසමින් කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ භාවනා පුහුණු මධ්‍යස්ථානයට අද කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක් ඇතුල්වීමට උත්සාහ දැරීය.

නමුත් එහි ආරක්ෂාවට සිටි පිරිස ඔහුට ඊට ඇතුල්වීමට ඉඩ නොදුන් අතර පොලිසියද එම ස්ථානයට පැමිණියේය.

එම ස්ථානය පරීක්‍ෂාවට ලක් කළ යුතු බවට ගම්වාසීන් කල ඉල්ලීමක් මත තමන් එහි පැමිණි බව නියෝජ්‍ය අමාත්‍යවරයා එහි නායක හිමියන්ට දුරකථන ඇමතුමක් දී සඳහන් කළේය.

එම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බවත් බලහත්කාරයෙන් අල්ලා ගත් ඉඩමක් බවට ගම්වාසීන් චෝදනා එල්ල කරන බවත් පැවසූ ඔහු දිස්ත්‍රික් ලේකම්වරයා හරහා මේ සම්බන්ධයෙන් සොයා බලන බවද කියා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී අභිරහස් ලෙස එම ස්ථානයට නිතර ආගිය බවත් එනිසා ඒ සම්බන්ධයෙන් සැකයක් පොදු ජනතාව තුළ ඇති වී තිබෙන බවත් අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් තව දුරටත් පැවසුවේය.

Related posts

උතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..

Shiran Viraj

කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

Shiran Viraj

ත‍්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් මට්ටම චුට්ටක් ඉහල දමයි..

Shiran Viraj