31.1 C
Colombo
May 25, 2026
BusinessBusiness NewsLocal NewsNews

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (28) මධ්‍යම රාත්‍රියෙන් සිට ඉන්ධන ඇනවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇත.

ඒ අනුව දැනට පවතින සංචිත බෙදා හරින අතර නව තෙල් සංචිත ඇනවුම් කිරීමක් සිදු නොකරීමට නියමිතය.

මීට හේතුව වී ඇත්තේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන බෙදුම්කරුවන්ට මෙතෙක් ලපා දුන් 3%ක වට්ටම් මුදල අහෝසි කිරීමට පියවර ගැනීමයි.

නව සමීකරණයකට අනුව හෙට දින සිට ගෙවීම් සිදු කිරීමට සංස්ථාව පියවර ගෙන ඇත.

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා මෙසේ අදහස් පල කලේය.

“අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා අපි ගාව තියෙන තෙල් විතරයි විකුණන්නේ ආපහු ඕඩර් කිරීමක් කරන්නේ නැහැ. යම් කිසි විදිහකින් ඛණිජ තෙල් සංස්ථාව හෝ වෙනත් සමාගමක් තෙල් ලබා දුන්නොත් අපි විකුණනවා. නිකන් ලැබෙන තෙල් ඕන තරම් විකුණනවා. අපිට සල්ලි දීලා මේ මිලට තෙල් අරන් විකුණන්න පුළුවන් කමක් නෑ.”

ඒ වගේම තමයි ජනාධිපති කාර්යාලයේ සිට සියලුම රාජ්‍ය තන්ත්‍රයට අපි තෙල් ලබා දෙනවා ක්‍රෙඩිට් ෆැසිලිටි එක යටතේ. මේවා ලබා දෙන්නේ රජයෙන් නෙමේ බෙදුම්කරුවන්ගේ සල්ලිවලින්. ඒ නිසා අපි හෙට උදේ ඉඳලා කිසිම රාජ්‍ය ආයතනයකට ක්‍රෙඩිට් එකට තෙල් ලබා දීම කරන්නේ නෑ සල්ලි ගෙනත් දුන්නොත් විතරයි තෙල් දෙන්නේ.”

Related posts

වෑන් රථයක් හොරකම් කර සගවාගනී..

Shiran Viraj

“බීමත්” චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් වෙදආරච්චි – පරීක්ෂණයෙන් හෙළිවෙයි මත්පැන් පානයක් නොමැති බව

Shiran Viraj

ආර්ථික ප‍්‍රපාතයේදී මහ බැංකු අධිපති අභීත තීන්දුවක් ගනී.. මුදල් මුද‍්‍රණය සීමා කරයි..

Shiran Viraj